වීඩියෝ: ශ්‍රී ලාංකික ධීවරයන් 89 ක් සහ ඉන්දීය ධීවරයන් 32ක් රිමාන්ඞ්.

Friday, 18 October 2013 - 18:38

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+89+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+32%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.

මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් තිස් දෙදෙනෙකු මේ මස 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් අද (18) ත්‍රිකුණාමල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. නාවික හමුදාව විසින් නැගෙනහිර මුහුදු තීරයේදී මොවුන් ඊයේ (17)  අත්අඩංගුවට ගත් අතර, පසුව එම ධීවරයින් ත්‍රිකුණාමල වරාය පොලීසිය වෙත භාර දුන්නා. මෙම ධීවරයින් සමඟ මසුන් ඇල්ලීම සඳහා උපයෝගී කර ගත් බෝට්ටු 5ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
 
මේ අතර, ත්‍රිකුණාමලය මුහුදු තීරයේදී බලපත්‍ර කොන්දේසි උල්ලංගණය කරමින් නීතිවිරෝධී ලෙස හැඹිලි දැල් උපයෝගී කරගෙන ධීවර කර්මාන්තයේ නිරත වූ මෙරට ධීවරයින් 89 දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ධීවර දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව අත්අඩංගුවට ගත් මෙම ධීවරයින් 89 දෙනා අද (18) ත්‍රිකුණාමලය වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා. එහිදී ඔවුන් මේ මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මෙම ධීවරයින් සමඟ යාත්‍රා 13ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඇතැම් ධීවරයන් නීතිවිරෝධී ලෙස දැල් ආම්පන්න උපයෝගී කර ගනිමින් ධීවර කර්මාන්තයේ නිරත වන බවට ලැබී තිබූ  පැමිණිලිවලට අනුව නාවික හමුදාව සමග එක්ව මෙම මෙහෙයුම දියත් කළ බවයි ධීවර දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය භාර සහකාර අධ්‍යක්ෂ උපාලි සමරතුංග ප්‍රකාශ කළේ.