වීඩියෝ: ගමේ දරුවන් ගැන ආඩම්බරයි. - ජනපති.

Friday, 18 October 2013 - 18:49

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ජනප්‍රිය පාසල් සංකල්පය බැහැර කර දිවයිනේ සියලූ පළාත්වල යහපත් පාසල් පද්ධතියක් ඇති කිරීම රජයේ වැඩපිළිවෙල බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. නගරයේ දරුවන් සේම ගමේ දරුවන් ද ඉහළ අධ්‍යාපන ප්‍රගතියක් අත් කර ගනිමින් ඉදිරියට පැමිණීම පිළිබද තමා නිහතමානීව ආඩම්බර වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් වව්නියාව දිස්ත්‍රික්කයේ දරුවන් පිරිසක් අරලියගහ මන්දිරයේ දී අද (18) හමුවූ අවස්ථාවේදියි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ හම්බන්තොට - සිත්තම් ගල්ලෙන රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. එහි පැමිණ සිටි ජනතාව සමග ජනාධිපතිවරයා සුහද පිළිසඳරක යෙදුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
 
මේ අතර, පිරිවෙන් ඉතිහාසයේ ප්‍රථමවරට පිරිවෙන් අවසාන විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇගයීමේ වැඩසටහනක් ද දැන් ක්‍රියාත්මකයි. ඒ අනුව ඉහළ ලකුණු ලබාගත් භික්ෂූන් වහන්සේලා දස නමකට කොරියාවේ අධ්‍යාපන චාරිකාවක් සදහා අවස්ථාව ලබා දී තිබෙනවා. උන්වහන්සේලාට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

[JPG]69547_1[/JPG]

[JPG]69547_2[/JPG]

[JPG]69551_1[/JPG]

[JPG]69551_2[/JPG]

[JPG]69551_3[/JPG]