ඩෙංගු ගැන පරිස්සමෙන්. - සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලයි.

Saturday, 19 October 2013 - 12:43

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.+-+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

පවතින වර්ෂා සහිත කාලගුණයත් සමඟ මදුරු කීටයන් බෝවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන කියා සිටියේ ඩෙංගු මදුරුවන් බෝ ස්ථාන විනාශ කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවයි. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි ඇය කියා සිටියේ. මේ හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව අවධානය යොමුකර ඒවා විනාශ කිරීම සිදුකළ යුතු බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන තවදුරටත් සඳහන් කළේ.