නරේන්ද්‍ර මෝඩිගෙන් ශ්‍රී ලංකාවට ඉඟියක්.

Saturday, 19 October 2013 - 12:49

%E0%B6%B1%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A9%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

2014 වසරේ මහ මැතිවරණයට සූදානම් වන ඉන්දියාවේ සියලූම දේශපාලන පක්ෂවලට ශ්‍රී ලංකාව දැන් මාතෘකාවක් බවට පත්වෙමින් තිබෙනවා. විශේෂයෙන් තමිල්නාඩුවේ දේශපාලන රැලිවලදී ඔවුන් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව හිරිහැරවලට බඳුන් වූ බව හෝ තවදුරටත් පීඩා විඳින බවයි. කොංග්‍රස් පක්ෂය මෙන්ම, විපක්ෂ භාරතීය ජනතා පක්ෂය ද තමිල්නාඩුවේ ඡුන්ද සංචිත කෙරෙහි සිටින්නේ දැඩි විමසිල්ලකින්. කොංග්‍රස් පක්ෂය කරුණානිධිගේ ඞී.එම්.කේ පක්ෂය සමඟ සන්ධාන ගතවී සිටින අතර, මන්මෝහන් සිංගේ ශ්‍රී ලංකා චාරිකාවකට බාධාවක් වී ඇත්තේ ද ඔහුගේ ස්ථාවරයයි.

 

දැනටමත් සිය මැතිවරණ ව්‍යාපාරය අරඹා ඇති භාරතීය ජනතා පක්ෂයේ නව අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි ඊයේ චෙන්නායිහිදී මහජන ඇමතුමකට එක්වුණා. එහිදී ඔහුට ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් කිරීමට අමතක වූයේ නැහැ. එහෙත් ඔහු එය ප්‍රකාශ කළේ වක්‍රාකාරයෙන්. ඉන්දීය සම්භවයක් සහිත ජනතාව ලොව රටවල් රැසක වෙසෙන අතර, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මෙන් ගැටලූවලට මුහුණ දෙනවිට ඔවුන් වෙනුවෙන් ඉන්දියාව පෙනී සිටිය යුතු බවයි මෝඩි කියා සිටියේ.

 

ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ප්‍රාන්තවල අදහස් සැලකිල්ලට ගෙන සකස් විය යුතු බව ඔහු කියා සිටියා. චෙන්නායිහිදී නරේන්ද්‍ර මෝඩි, තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් ද මුණ ගැසුණා. කරුණානිධිගේ ප්‍රතිවාදිනිය වන ඇගේ මූලික සටන් පාඨය වී ඇත්තේ ශ්‍රී ලංකා විරෝධයයි.