පොලීසිය, දුරකථනයෙන් මුදල් වංචා කරන්නන් සොයයි.

Sunday, 20 October 2013 - 7:30

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ලොතරැයි දිනුම් සහ වෙනත් දිනුම් ඇදීම් ලැබී ඇති බවට දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ සහ විද්‍යූත් තැපෑල ඔස්සේ පණිවුඩ ලබාදී මුදල් වංචා කරන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ගතවූ සති කිහිපය තුළ මෙවැනි සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත්ව ඇති බවයි. මෙවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව වංචා කිරීම, රැවටීම, බලෙන් මුදල් ලබාගැනීම යන චෝදනා යටතේ දැඩි නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.