මැ.කො. බස්නාහිර, දකුණ දේශපාලඥයන් දැනුවත් කරයි.

Sunday, 20 October 2013 - 12:57

%E0%B6%B8%E0%B7%90.%E0%B6%9A%E0%B7%9C.+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB%2C+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව බස්නාහිර සහ දකුණු පළාත් දේශපාලන පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සූදානම් වනවා. ඉදිරි මාසයේදී දේශපාලන පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡා ආරම්භ කරන බවයි කොමසාරිස්වරයා කියා සිටියේ. විශේෂයෙන් මෙහිදී ඡන්දය ගණන් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති. පසුගියදා පුත්තලම ප්‍රදේශයෙන් ගණන් කරන ලද ඡන්ද පත්‍රිකා තොගයක් සොයා ගැනීමත් සමඟ සමාජය තුළ එය කතා බහට ලක්වුණා. මෙම සිද්ධියත් මෙලෙස ඡන්දය ගණන් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව දේශපාලන පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමට හේතු වී තිබෙනවා.
 
මේ අතර, බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීම ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර පැවැත්වෙන බවට මාධ්‍ය වාර්තා පළ වුණා.