බ්‍රිතාන්‍යයෙන් අගමැති කැමරන්ට බලපෑම්.

Sunday, 20 October 2013 - 12:59

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටුව, අගමැති ඬේවිඩ් කැමරන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම පිළිබඳව විරුද්ධත්වය පළ කර තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලයේ කාර්යභාරය සහ එහි අනාගතය යන මැයෙන් වාර්තාවක් නිකුත් කරමින් විදේශ කටයුතු කමිටුව කියා සිටියේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගනු ලැබූ තීරණය ද වැරදි සහගත බවයි. ශ්‍රී ලංකාවේ තවදුරටත් මානව හිමිකම් උල්ලංඝනය වන බවට චෝදනා කළ එම කමිටුව සමුළුව වර්ජනය කිරීම සඳහා කැනඩා අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් ගනු ලැබූ තීරණය ද ප්‍රසාදයට ලක් කළා. ඔවුන් කියා සිටියේ මෙරට මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු වනතුරු සමුළුවට සහභාගි නොවන බවට බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු බවයි.
 
කෙසේ නමුත්, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ සහභාගිත්වය මේ වනවිට සනාථ කර තිබෙනවා. බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙන්ම, විදේශ ලේකම් විලියම් හේග් ද සමුළුවට සහභාගි වන බව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා. බී.බී.සී ගුවන් විදුලි සේවාව සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් ප්‍රකාශ කළේ මෙරට සැබෑ තත්ත්වය පිළිබඳ අපක්ෂපාතී විනිශ්චයක් සඳහා ජාත්‍යන්තර ප්‍රජාව මෙරටට පැමිණිය යුතු බවයි.