UPDATE: ඉදිරි මාස දෙක තුළ විශේෂ විපර්යාසයක්. - කාලගුණය.

Sunday, 20 October 2013 - 13:08

UPDATE%3A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA.

ඉදිරි මාස දෙක තුළ ශ්‍රී ලංකාවට බලපාන ආකාරයට කාලගුණයේ විශේෂ විපර්යාසයක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්. කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙම කාලසීමාව තුළ බෙංගාලබොක්ක, අරාබි මුහුදේ සහ අවට වායුගෝලයේ ශ්‍රී ලංකාවට බලපෑම් ඇති කළ හැකි සුළි කුණාටු, පීඩන අවපාත හා අඩු පීඩන පද්ධති ඇති විය හැකි බවයි.

පවතින අධික වැසි හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ හා විදුලිපුර ප්‍රදේශවල ස්ථාන කිහිපයක නාය යාම් සිදුවීමේ අවදානම හේතුවෙන් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි ප්‍රකාශ කළේ නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා පවතින අධික මීදුම් තත්ත්වය පිළිබදව රියදුරන් වැඩි අවදානයක් යොමු කළ යුතු බවයි.


මේ අතර, මන්නාරම - පුත්තලම මාර්ගයේ එළුවන්කුලම ප්‍රදේශයේ සපත්තු පාලම අසළ ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු තවදුරටත් අඩාල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.


අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රජරට ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න ප්‍රකාශ කළා.

 
ඉදිරි පැය 24 තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව යන පළාත්වලට විටන් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අන්තර්ජාතික කාලගුණික තොරතුරු සපයන වෙදර් ඩොට් කොම් වෙබ් අඩවිය ප්‍රකාශ කළේ හෙට (19) දිනයේ කොළඹ නගරයට වැසි ඇති වීමට සියයට 60 ක සම්භාවිතාවක් පවතින බවයි. මහනුවර නගරයට සියයට 80 ක් වැසි ඇති වීමේ සම්භාවිතාවක් පවතින අතර හම්බන්තොට නගරයට වැසි ඇතිවීමේ සම්භාවිතාව සියයට 50 ක්.

New Update : 2013 ඔක්තෝබර් 20 ඉරිදා- පස්වරු 06:57

-------------------------------------------------------------------------------------

අයහපත් කාලගුණය තවදුරටත්. - පුත්තලමට අධික වැසි.

Previous News : 2013 ඔක්තෝබර් 20 ඉරිදා- පස්වරු 01:08

බෙංගාල බොක්කේ නිරිත දිග ප්‍රදේශයේ පවතින අඩුපීඩන තත්ත්වය හේතුවෙන් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්. කාරියවසම් කියා සිටියේ මේ හේතුවෙන් මිලිමීටර් 100 කට අධික වර්ෂාපතනයක්  බොහෝ ප්‍රදේශවලින් අපේක්ෂා කළ හැකි බවයි.
 
මේ අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ පරණ මන්නාරම මාර්ගයේ කෝස්වේ ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු සිදුවන්නේ නැහැ.