UPDATE : වීඩියෝ: පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාරට ඇප.

Sunday, 20 October 2013 - 15:41

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4.



මාතර දී එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමේ දී වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ දකුණු පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළා. ඒ, ඔහු අද මාතර පොලීසියට භාරවීමෙන් පසු මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පොලීසියට භාරවීමට පෙර ඔහු අද පළාත් සභා සැසිවාරයටද සහභාගි වුණා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 21 අඟහරුවාදා - පස්වරු 03.58

-----------------------------------------------------------------
මාතර සිද්ධියේ 54කට ඇප.

පෙර පුවත 2013 ඔක්තෝබර් 21 සඳුදා- පස්වරු 06.54

මාතරදී එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර, පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 54 දෙනෙකු අද (21)
ඇප මත මුදා හැරුණා. මාතර මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර හමුවට ඉදිරිපත් කළ ඔවුන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසයි නියෝග කෙරුණේ. මෙම සැකකරුවන්ට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර ද ඇතුළත්. කෙසේ වෙතත්, අද දිනයේත් සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 4 දෙනෙකු පොලීසිය වෙත භාර වී තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ඔවුන් හෙට (22) දිනයේ හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ සාමාජික නිශ්ශංක නානායක්කාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

 
කෙසේ වෙතත්, පසුගිය 5 වන දා පැවැති මෙම පෙළපාලිය අතරතුර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා වන හර්මන් ගුණරත්න අද (21) දිනයේත් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ බව නීතිඥවරයා සඳහන් කළා.

 

---------------------------------------------------------------------------------

මාතර සිද්ධියේ 51 කට ඇප.

පෙර පුවත 2013 ඔක්තෝබර් 21 සඳුදා- පස්වරු 01.14

මාතරදී ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අද (21) අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 51දෙනෙකුට ඇප නියම වුණා. ඒ, ඔවුන් මාතර මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමටයි විනිසුරුවරයා නියෝග කළේ. මෙම ගැටුම සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර ඇතුලූ 6 දෙනෙකු අද උදෑසන මාතර පොලීසිය වෙත භාරවුණා. පොලීසියට භාරවූ පිරිස අතර හිටපු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය සුරනිමල රාජපක්ෂ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රවරුන් වන  කිත්සිරි කහටපිටිය, ලක්ෂ්මන් විජේමාන්න, සබරගමුව පළාත් සභා මන්ත්‍රී සන්දීත් සමරසිංහ සහ අගලවත්ත එක්සත් ජාතික පක්ෂ සංවිධායක ගාමිණී නල්ලෙපෙරුම ඇතුළත්.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 21 සඳුදා- පස්වරු 01.14

--------------------------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 20 ඉරිදා- පස්වරු 06:30

එජාප, මාතර ගැටුමේ තවත් 4 ක් අත්අඩංගුවට.

පසුගිය ඔක්තෝම්බර් 5 වැනිදා මාතර දී එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 4 දෙනෙකු අද (20) මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට දිනයේ දී මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ද සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර, පසුගිය 17 වන දා කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රි, නීතීඥ නදිල් මාලගොඩ ද මාතර ගැටුම සම්බන්ධයෙන් පොලීසියට භාර වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්. විමලසිරි මෙන්ම බලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතීඥ කමල් ජයන්ත ද සොයිසා පොලීසියට භාර වූයේ පසුගිය 15 වැනිදායි. පසුව මංගල සමරවීර මන්ත්‍රිවරයා ඇතුලූ තිදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. පසුගිය ඔක්තෝම්බර් මස 5 වන දා මාතර දී ඇති වූ මෙම ගැටුමට අදාළ මේ වනවිට 40 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.


මේ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මෙම පුද්ගලයින් හෙට දිනයේ හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

Update : 2013 ඔක්තෝබර් 20 ඉරිදා- පස්වරු 06:30

-----------------------------------------------------------------------
එජාප ගැටුමට සම්බන්ධ තවත් පුද්ගලයින් 4ක් අත්අඩංගුවට.

Previous News :2013 ඔක්තෝබර් 20 ඉරිදා- පස්වරු 03:41

පසුගිය ඔක්තෝම්බර් 5 වැනිදා මාතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 4 දෙනෙකු අද (20) මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට දිනයේ දී මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක නලීන් නිශාන්ත ද සිටින බවයි වාර්තා වන්නේ.