රක්වානට රතු වැස්සක්.

Sunday, 20 October 2013 - 19:39

%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.


 

පසුගිය කාලය පුරාවටම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රතු වැසි පතිතවීම් වාර්තා වුණා. එවැනි සිදුවීමක් අද (20* වාර්තා වූයේ රත්නපුර - රක්වාන - කිවුල්ඇල්ල ප්‍රදේශයෙන්. ප්‍රදේශවාසීන් සඳහන් කළේ ප්‍රදේශයට ඇද හැලූණු වර්ෂාවත් සමග අද (20* දහවල් කාලයේ දී මෙම රතු වැස්ස පතිත වූ බවයි. විනාඩි 15ත් 20ත් අතර කාලයක් පුරා මෙම වර්ෂාව පතිත වී ඇති අතර, ඇතැම් ස්ථානවල පොළොව රත්පැහැ ගැන්වී ඇති බවයි ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.