UPDATE : අදත් ගිගුරුම් සහිත වැසි.

Monday, 21 October 2013 - 7:34

UPDATE+%3A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න සදහන් කළේ වැසි සමඟ අකුණු ඇති විය හැකි බැවින් ඒවායින් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 21 අඟහරුවාදා - පෙරවරු 7:45

------------------------------------------------------------------------

අයහපත් කාලගුණය පහව යයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 21 සඳුදා- පෙරවරු 07:34

බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපයේ බලපෑම දිවයිනෙන් බැහැරට ගමන් කිරීම හේතුවෙන් අද දිනයේදී අයහපත් කාලගුණ තත්ත්වයේ පහව යාමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල සඳහන් කළේ කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයකට සාමාන්‍ය වැසි සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.  
 
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමක් පවතින ස්ථාන පිළිබඳව තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි ජනතාවගෙන් ඉල්ලීමක් කළා. දිස්ත්‍රික්කයේ මාර්ගවල පවතින අධික මීදුම් සහිත තත්ත්වය තවදුරටත් පවතින බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.