විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික ලේකම් පොලීසියට භාරවෙයි.

Monday, 21 October 2013 - 8:39

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


මාතරදී එජාපයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර අද (21) උදෑසන මාතර පොලීසිය වෙත භාරවී තිබෙනවා. ඔහු සමග තවත් පුද්ගලයන් සිව්දෙනෙකු මාතර පොලීසියට භාරවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සහ සුදත් චන්ද්‍රසේකර ඇතුලූ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළ අතර මංගල සමරවීර මන්ත්‍රීවරයා පසුගිය 15 වැනිදා පොලීසියට භාරවුණා. මේ අනුව මාතර ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් 49 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් සියලූදෙනා අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.