UPDATE: වීඩියෝ:ශ්‍රී ලංකාව නව තාක්ෂණයේ බිමක් බවට පත් කරනවා. - ජනපති.

Monday, 21 October 2013 - 14:01

UPDATE%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.



 
පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සීමා වී තිබූ දැනුම ජාතික දියුණුවේ කොටසක් සේ සලකා එය ගොඩනැංවීමට කටයුතු කළේ වත්මන් රජය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මෙරට පළමු විද්‍යා උද්‍යානය සහ නැනෝ තාක්ෂණ විශිෂ්ඨත්වයේ කේන්ද්‍රය හෝමාගම - පිටපන දී විවෘත කිරීමේ අවස්ථාවට අද (21) එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව නව තාක්ෂණයේ බිමක් බවට පත් කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

මෙම අවස්ථාවට ඡේය්‍යෂ්ට අමාත්‍ය තිස්ස විතාරණ, අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද සහභාගි වී සිටියා.

 

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 21 සඳුදා- පස්වරු 07:00

-----------------------------------------------------------
ප්‍රථම විද්‍යා උද්‍යානය විවෘත කෙරේ. 

පෙර පුවත 2013 ඔක්තෝබර් 21 සඳුදා- පස්වරු 02:01

හෝමාගම - පිටිපන ප්‍රදේශයේ ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යා උද්‍යානය සහ නැනෝ තාක්ෂණ විශිෂ්ඨත්වයේ කේන්ද්‍රය අද (21) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා. මේ සඳහා සිදුකර ඇති ආයෝජනය රුපියල් මිලියන 2000 කට අධිකයි. ශ්‍රී ලංකා නිනිති තාක්ෂණ ආයතනය නොහොත් ස්ලින්ටෙක් ආයතනයේ කේන්ද්‍රය වන මෙහි ස්වභාවික අමුද්‍රව්‍ය ආශ්‍රිත නැනෝ තාක්ෂණික නිෂ්පාදන බිහිකිරීම සඳහා පර්යේෂණ සිදුකෙරෙනු ඇති. කෘෂිකාර්මික, සෞඛ්‍ය ආරක්ෂණ හා ජල පවිත්‍රකරණ අංශවල පවතින ගැටලූ හඳුනාගෙන ඒවාට නැනෝ තාක්ෂණයෙන් විසඳුම් ලබාදීම ඔවුන්ගේ තවත් අරමුණක්

[JPG]69723_1[/JPG]

[JPG]69723_2[/JPG]

[JPG]69723_3[/JPG]

[JPG]69723_4[/JPG]

[JPG]69723_5[/JPG]

[JPG]69723_6[/JPG]

[JPG]69723_18[/JPG]

[JPG]69723_17[/JPG]

[JPG]69723_16[/JPG]

[JPG]69723_7[/JPG]

[JPG]69723_8[/JPG]

[JPG]69723_9[/JPG]

[JPG]69723_10[/JPG]

[JPG]69723_11[/JPG]

[JPG]69723_12[/JPG]

[JPG]69723_13[/JPG]