සිවිල් ක්‍රියාකාරිණියක් වෙනුවෙන් මානව හිමිකම් සංවිධානයක්.

Monday, 21 October 2013 - 19:34

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


 

මැලේසියානු බලධාරින්ගේ අනුමැතියකින් තොරව මෙරට යුද්ධය පිළිබඳ වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සිවිල් ක්‍රියාකාරිනියකට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග නතර කරන ලෙස හියුමන් රයිට්ස් වොච් ආයතනය ඉල්ලීමක් කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව මගින් විකාශය කළ නෝ ෆයර් සොන් සහ කිලිං ෆීල්ඞ්ස් ඔෆ් ශ්‍රී ලංකා යන වාර්තා චිත්‍රපට දෙකයි මේ වසරේ ජූලි 3 වැනිදා ක්වාලලාම්පූර් නුවරදී ප්‍රදර්ශනය කෙරුණේ.

 
ඒ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ලීනා හෙන්ඩි‍්‍ර නමැති සිවිල් ක්‍රියාකාරිනියට එරෙහි නඩු විභාගය අද (21) ආරම්භ වුණා. වරදකාරිනිය වුවහොත් ඇයට වසර 3 දක්වා සිරදඩුවමක් සහ මැලේසියානු රිංගිට් තිස් දහසක දඩයක් හිමිවනු ඇති. හියුමන් රයිට්ස් වොච් ආයතනය පවසන්නේ ඇයට සිරද`ඩුවමක් නියම වන්නේ නම් එය අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතියට හානියක් මෙන්ම මැලේසියානු සංස්කෘතියේ කීර්තිනාමයට ද හානියක් වනු ඇති බවයි.