UPDATE : වීඩියෝ: ලබන වසරේත් වැඩිම වියදම ජාතික ආරක්ෂාවට.

Tuesday, 22 October 2013 - 12:50

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

2014 වසර සඳහා රජයේ වියදම් පිළිබඳ ඇස්තමේන්තුව ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ, සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඒ අනුව ලබන වසරේ සේවා වියදම් සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු මුදල රුපියල් බිලියන එක්දහස් පන්සිය හතලිස් දෙකයි දශම දෙකයි පහක්.

එය පසුගිය වසරේ රජයේ වියදමට වඩා සියයට 15 දශම 5ක වැඩිවීමක්. පසුගිය වසරේ සමස්ත ණය ලබාගැනීම් රුපියල් බිලියන 1295 ක් වී ඇති අතර එය 2014 වසරේ රුපියල් බිලියන 1100 ක් දක්වා අඩුවී තිබෙනවා. මෙවරත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කර ඇති අතර ඒ අනුව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 253 යි දශම 9 ක් වෙන්කර තිබෙනවා. පසුගිය වසරේදී ඒ සඳහා රුපියල් බිලියන 283 යි දශම 9 ක් වෙන් කෙරුණා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා මෙවර බිලියන 38 යි දශම 8 ක් වෙන් කර තිබෙන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 2 ක වැඩිවීමක්. මේ අතර අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්ද පැවති අතර එහිදී කැසිනෝවලට අදාළ ගැසට් පත්‍රය විවාදයට ගැනීම තාවකාලිකව අත්හිටුවීම පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 22 අඟහරුවාදා- පස්වරු 07:12

---------------------------------------------------------------------------------------

2014 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.

පෙර පුවත 2013 ඔක්තෝබර් 22 අඟහරුවාදා- පස්වරු 02:45

2014 වසර සඳහා රජයේ වියදම් පිළිබඳ ඇස්තමේන්තුව ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ සේවා වියදම් සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු මුදල රුපියල් බිලියන එක්දහස් පන්සිය හතලිස් දෙකයි දශම දෙකයි පහක්. මේ වනවිට සුරාබදු ආඥා පනත සහ නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන් 9 ක් විවාදයට ගැනෙන බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ.

 

----------------------------------------------------------------------------------------

විසර්ජනය පාර්ලිමේන්තුවට. - ආරක්ෂාවට බි. 253ක්.

පෙර පුවත 2013 ඔක්තෝබර් 22 අඟහරුවාදා- පස්වරු 12:50

2014 වසරේ අය - වැය ක්‍රියාවලිය විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අද (22) ආරම්භ වනවා. මෙහිදී රජයේ අමාත්‍යාංශ සඳහා රුපියල් බිලියන 1542ක වියදම් අනුමත කර ගැනීමට අපේක්ෂිතයි. එය පසුගිය වසරේ රජයේ වියදමට වඩා සියයට 30ක වැඩිවීමක්. කෙසේ නමුත්, අය වැය අවසන් සංඛ්‍යාලේඛන, පරතරය සහ ඒවා පියවා ගැනීමේ යෝජනා  ඉදිරිපත් කෙරෙන්නේ නොවැම්බර් 22 වැනිදා ඉදිරිපත් කරන අය වැය කතාවෙන්.

 
විසර්ජන පනත තුළින් 2014 වසරේ රජයේ ණය සීමාව රුපියල් බිලියන 1100 දක්වා සියයට 15කින් පහත හෙලීමට අපේක්ෂිතයි. ලබන වසරේ ආරක්ෂක වියදම් සඳහා රුපියල් බිලියන 253ක් වෙන් කෙරෙන අතර, මේ වසරේ ආරක්ෂක වියදම රුපියල් බිලියන 249ක්. ආරක්ෂක සහ පොලිස් සේවාවන් සඳහා වෙන් කෙරෙන මුදල රජයේ මුළු වියදමින් සියයට 12කට ආසන්නයි. මීට අමතරව වරාය සහ මහාමාර්ග අමාත්‍යාංශ සඳහා රුපියල් බිලියන 144ක් වෙන් කෙරෙනවා. එය මේ වසරේ වියදමට වඩා රුපියල් බිලියන 12.6ක වැඩිවීමක්.