රත්තරන් පොලීසියට භාර වෙයි.

Tuesday, 22 October 2013 - 13:39

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


මාතර දී එක්සත් ජාතික පක්ෂ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමේ දී වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ දකුණු පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර නොහොත් රත්තරන් අද (22) මාතර පොලීසියට භාර වී තිබෙනවා.

 

පසුගිය  5 වන දා මාතර දී එක්සත් ජාතික පක්ෂ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් වෙඩි වැදී තුවාල ලැබූ ක්‍රිශාන්ත පුෂ්පකුමාර කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබුවා.

 

මේ අතර මෙම ගැටුම සම්බන්ධයෙන් ඊයේ (21) පොලීසියට භාර වූ 4 දෙනෙකු මාතර මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. මෙලෙස ඇප මත මුදා හැර ඇති පිරිස අතර අගලවත්ත එක්සත් ජාතික පක්ෂ සංවිධායක ගාමිණී නල්ලෙපෙරුම, පක්ෂ සාමාජිකයන් වන නදීර ඉන්ද්‍රජිත්, නලීන් පියසෝම සහ ජෝර්ජ් කොඩිකාර වනවා. මොවුන් අද හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් මහේස්ත්‍රාත්වරයා එය අවලංගු කළා.