UPDATE : ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි තවදුරටත් පැතිරෙයි.

Wednesday, 23 October 2013 - 7:27

UPDATE+%3A+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගිනි තත්ත්වයන් තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසනවා. ස්ථාන කිහිපයක ලැව්ගිනි 73 ක් පමණ මේ වනවිට හටගෙන ඇති බවයි නවතම විදෙස් වාර්තාවල දැක්වුණේ. ගිනි නිවීමේ භටයින් 3 000 ක් පමණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවද සඳහන්.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 23 බදාදා- පස්වරු 5:09

---------------------------------------------------------------

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි උග්‍ර වෙයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 23 බදාදා- පෙරවරු 07:27

ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වෙල්ස් ප්‍රාන්තයේ පැතිරී යන ලැව් ගිනි මැඩ පැවැත්වීම සඳහා 3000කට ආසන්න ගිනි නිවීමේ භටයන් කැදවා ඇති බව විදෙස් වාර්තා පවසනවා. මේ වන විට මෙම ලැව් ගිනි හේතුවෙන් නිවාස හා ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති බව සඳහන්. පවතින අධික උෂ්ණත්වයත් සමගම පැයට කිලෝමීටර් 100ක වේගයෙන් හමා යන සුළඟ හේතුවෙන් ලැව් ගිනි තවදුරටත් පැතිරී යාමේ අවදානමක් පවතිනවා. මේ වන විට නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනි 59ක් හටගෙන ඇති අතර, ඉන් 19ක් තවදුරටත් ක්‍රියාත්මකයි.