එංගලන්තයේ - මධ්‍යම ලැන්කෂෙය විශ්වවිද්‍යාලයේ ශාඛාවක් මීරිගම ප්‍රදේශයේ ඉදිකිරීමට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට මේ මස 28 වැනිදා පෙත්සමක් භාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසනවා. කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියා සිටියේ මෙම සරසවියට මුල්ගල් තැබීම පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට පැමිණෙන චාල්ස් කුමරු අතින් සිදුකිරීමට නියමිත බවයි.
[JPG]69844_1[/JPG]
[JPG]69844_2[/JPG]