UPDATE : වීඩියෝ : ධර්මපාලයේ ගුරුවරුන්ට පහරදුන් 04 ක් රිමාන්ඩ්.

Wednesday, 23 October 2013 - 14:51

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+04+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A.

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 4 දෙනා ලබන මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ සැකකරුවන් අද (24) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර, සිද්ධියට විරෝධය පළ කරමින් අද උදෑසන කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට දෙමව්පියන්, ගුරු සේවා සංගම්වල නියෝජිතයින් සහ ශිෂ්‍යයින් සහභාගි වූ උද්ඝෝෂණයක් ද පැවැත්වුණා. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ පහරදීමේ සිද්ධියට සම්බන්ධ ඉතිරි සැකකරුවන් ද කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත පමුණුවන ලෙසයි.

ඊයේ (23) දහවල් විදුහලට පැමිණි පුද්ගලයින් පිරිසක් සිදුකළ පහරදීමෙන් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළ ගුරුවරයෙකු අද උදෑසන ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගියා.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය හේතුවෙන් අද දිනයේත් විදුහලේ අධ්‍යයන කටයුතුවලට බාධා මතුවුණා. එහෙත් සුපුරුදු පරිදි හෙට (25) දිනයේ දී පාසලේ අධ්‍යයන කටයුතු සිදුකරන බවයි කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඒ.වී.බන්දුසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා- පස්වරු 07:17

----------------------------------------------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා- පස්වරු 03:06

කොට්ටාවේ ගුරුවරුන්ට පහරදුන් සැකකරුවන් රිමාන්ඞ්.

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුලූ ගුරුවරුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 4 දෙනා ලබන මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ සැකකරුවන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඊයේ (23) දහවල් විදුහලට පැමිණි පුද්ගලයන් හතරදෙනෙකුගෙන් යුත් පිරිසක් විදුහල්පති යක්දෙහිගේ යසරත්න ඇතුලූ ගුරුවරුන් හතරදෙනෙකුට පහරදුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් 4 දෙනා ඊයේ රාත්‍රියේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. මෙම පහරදීමට විරෝධය පළ කරමින් ඊයේ මෙන්ම, අද උදෑසන ද විද්‍යාලය ඉදිරිපිට ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන්ගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණ පැවැත්වුණා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා- පස්වරු 03:06

----------------------------------------------------------------------------------------------

කොට්ටාව ධර්මපාලයේ වැඩ නවතී.

පෙර පුවත 2013 ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා- පස්වරු 12:49

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුලූ ගුරුවරුන්ට පහරදීමේ සිද්ධිය හේතුවෙන් තවමත් විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක නොවන බව එම විද්‍යාලයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. පහරදීමට විරෝධය පළ කරමින් අද උදෑසන විද්‍යාලය ඉදිරිපිට ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන්ගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණයක්ද පැවැත්වුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට අද (24) ඉදිරිපත් කළා. පහරදීමේ සිද්ධියට අදාළ සැකකරුවන් සිව්දෙනා පොලීසිය විසින් ඊයේ (23) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළා.
 
ඊයේ දහවල් විදුහලට පැමිණි පුද්ගලයන් හතරදෙනෙකුගෙන් යුත් පිරිසක් විද්‍යාලයේ විදුහල්පති යක්දෙහිගේ යසරත්න ඇතුලූ ගුරුවරුන් හතරදෙනෙකුට පහරදුන්නා. පහරකෑමට ලක්වූවන් අතර නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුලූ තවත් ගුරුවරුන් දෙදෙනෙකු ද සිටිනවා. ඔවුන් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව අද උදෑසන රෝහලෙන් පිටව ගියා. පහරකෑමට ලක්වූ ගුරුවරුන් අතර ප්‍රාථමික අංශයේ විදුහල්පති යාපා බණ්ඩාරද සිටිනවා. මෙම ප්‍රහාරයට පැමිණි පිරිස විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් බවට සැක කරන බවයි පොලීසිය සඳහන් කලේ.

 

---------------------------------------------------------------------------------------

කොට්ටාව ධර්මපාල විදුහල්පතිට පහරදුන්     සැකකරුවන් 4ම අත්අඩංගුවට.

පෙර පුවත 2013 ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:26

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුලූ ගුරුවරුන්ට පහරදුන් සැකකරුවන්  හතරදෙනාම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ඊයේ (23) රාත්‍රියේ මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් අද දිනයේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඊයේ දහවල් විදුහලට පැමිණි පුද්ගලයන් හතරදෙනෙකුගෙන් යුත් පිරිසක් විද්‍යාලයේ විදුහල්පති යක්දෙහිගේ යසරත්න ඇතුලූ ගුරුවරුන් හතරදෙනෙකුට පහරදුන්නා. පහරකෑමට ලක්වූවන් අතර නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුලූ තවත් ගුරුවරුන් දෙදෙනෙකු ද සිටිනවා. ඔවුන් හෝමාගම රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

 

------------------------------------------------------------------------------------------

කොට්ටාව විදුහල්පතිවරයාට පහරදුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට.

පෙර පුවත 2013 ඔක්තෝබර් 23 බදාදා- පස්වරු 7:25

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුලූ ගුරුවරුන්ට පහරදුන් පුද්ගලයන් හතරදෙනාගෙන් තුන්දෙනෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද යෙදවූ බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තවත් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

 

-------------------------------------------------------------------
 ධර්මපාලයේ විදුහල්පතිට පහරදුන් අය සොයන්න විශේෂ පොලිස් කණ්ඩායමක්.

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුලූ ගුරුවරුන් හතර දෙනෙකුට පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළා. ඔහු කියා සිටියේ පහරදීමට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිටත් හඳුනාගෙන ඇති බවයි.

 

අද දහවල් එම පාසල වෙත කඩාවැදුණු පාසලේ ආදි ශිෂ්‍යයින් යැයි පවසන හතරදෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම පහරදීම සිදුකර තිබෙනවා. පහරකෑමෙන් කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති යද්දෙහිගේ යසරත්න ඇතුලූ ගුරුවරුන් හතරදෙනකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළා.

 

පහරකෑමට ලක්වූ එක් ගුරුවරයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගතකෙරුණා. සිද්ධියට මුහුණපෑ කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ යද්දෙහිගේ යසරත්න  හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පිටතින් පැමිණි පිරිසක් විදුහල්පති කාර්යාලයේදී තමන්ට පහරදුන් බවයි.

 

සිද්ධියෙන් අනතුරුව විදුහලේ ගුරුවරුන් සහ සිසුන් විරෝධතාවයක නිරතවුනේ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින්.  

 

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ප්‍රාථමික අංශය වෙනත් ස්ථානයකට ගෙන යාමට එරෙහිව පසුගිය දිනවල උද්ඝෝෂණ රැසක් පැවැත්වුනා. එමෙන්ම එම විද්‍යාලයේ පාසල් සුරැකීමේ සංවිධානයේ නියෝජිතයෙකු ගසකට නැග විරෝධතාවයකද නිරතවුණා.

 

කෙසේ වෙතත් සිද්ධියෙන් පසු විදුහලට රැස්වූ සිසුන්ගේ දෙමව්පියන් චෝදනා කළේ ගසක් උඩ නැග විරෝධතාවය පළ කළ එම පුද්ගලයා ද පහරදීමට පැමිණි පිරිස අතර සිටි බවයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 23 බදාදා- පස්වරු 6:47

--------------------------------------------------

කොට්ටාව ධර්මපාල විදුහලේ උණුසුම් තත්ත්වයක්.


පෙර පුවත 2013 ඔක්තෝබර් 23 බදාදා- පස්වරු 02:51

කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයේ මේ වනවිට උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකගේ දෙමව්පියන් කිහිපදෙනෙකු විදුහල්පතිවරයාට පහරදීමට උත්සාහ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි. විදුහලට පැමිණි එම දෙමව්පියන් පිරිස විදුහලේ ගුරුවරුන් තිදෙනෙකුට පහරදී පළාගිය බව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ විදුහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. පහරකෑමට ලක්වූ එක් ගුරුවරයෙකු මේ වනවිට රෝහල් ගතකර තිබෙනවා. එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු කියා සිටියේ මේ වනවිට ගුරුවරුන් සහ සිසුන් සිද්ධියට විරෝධය පළ කරමින් විරෝධතාවයේ නිරතවන බවයි.