පොදු රද මඩුලූ සමුළුව අතරතුර ගුවන් ගමන් ප්‍රමාදවන ලකුණු.

Wednesday, 23 October 2013 - 18:36

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන කාලය තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සාමාන්‍ය ගුවන් ගමන් කටයුතුවල ප්‍රමාදයන් ඇතිවිය හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සූදානම පිළිබඳ දැනුවත් කිරීමට අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි කියා සිටියේ රාජ්‍ය නායකයින් පැමිණෙන ගුවන් යානා සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීමට සිදුවීම මීට හේතුව බවයි.

 
මෙම මාධ්‍ය හමුවේදී රාජ්‍ය නායකයින් මෙරටට පැමිණීමේදී මත්තල ගුවන් තොටුපලද භාවිතයට ගන්නේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේ රාජ්‍ය නායක සමුළුව කොළඹ කේන්ද්‍ර කොටගෙන පැවැත්වීම හේතුවෙන් රාජ්‍ය නායකයින් වැඩි පිරිසක් මෙරටට පිවිසීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තෝරාගෙන ඇති බවයි. අවශ්‍ය වුවහොත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ රත්මලාන ගුවන් තොටුපලද ඒ සඳහා යොදාගන්නා බවද ඔහු සඳහන් කළා.