ගබ්සා කුප්පි 30 000 ක් කුඩු.

Wednesday, 23 October 2013 - 19:11

%E0%B6%9C%E0%B6%B6%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%92+30+000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94.

අර්තාපල් කන්ටේනරයක සඟවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද උපත් පාලන එන්නත් කුප්පි 30 000 ක් අද රේගුව විසින් විනාශ කළා. ඒ, ඔරුගොඩවත්ත රේගු අංගනයේදී රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විජේවීර ඉදිරියේදියි. පසුගිය අප්‍රේල් මස 27 වැනිදා රේගු භාරයට ගත් මෙම එන්නත් කුප්පි තොගයේ වටිනාකම රුපියල් මිලියන 30 කට ආසන්නයි. මෙම එන්නත් තොගය මෙරටට එවූ පකිස්ථාන ජාතිකයා ඒවා නිදහස් කරගැනීමට පැමිණි අවස්ථාවේදි ඔහුද අත්අඩංගුවට පත්වුණා. පසුව රුපියල් ලක්ෂ 5 ක දඩයක් නියම කොට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වනවිට ඔහු යොමුකර ඇති බවයි රේගු ආදායම් අධීක්ෂණ අංශයේ අධ්‍යක්‍ෂ මාලි පියසේන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.