UPDATE : කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට මගී බස් රථ 13 ක්.

Wednesday, 23 October 2013 - 19:26

UPDATE+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+13+%E0%B6%9A%E0%B7%8A.

කොළඹ - කටුනායක අධිවේගි මාර්ගයේ ධාවනය සඳහා අධි සුඛෝපභෝගී බස් රථ 13ක් යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව අධිවේගී මාර්ගය ගමනාගමන කටයුතු සඳහා ලබන 27 වැනිදා විවෘත කිරීමෙන් පසු මෙම බස් රථ ධාවනයට එක් කරන බවයි එම මණ්ඩලයේ උප සභාපති එල්.ඒ. විමලරත්න ප්‍රකාශ කළේ. එමෙන්ම ඊට අදාළ ගමන් ගාස්තුව ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව කොළඹ සිට ජාඇල දක්වා රුපියල් 102 ක මුදලකුත් කොළඹ සිට කටුනායක දක්වා රුපියල් 147 කුත් අය කෙරෙනවා. මීට අමතරව කොළඹ සිට  මීගමුව දක්වා රුපියල් 159 ක මුදලක් අය කිරීමට තීරණය කර ඇති බවයි උප සභාපතිවරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ.
 
මේ අතර කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය මහජනතාව වෙනුවෙන් විවෘත කර තැබෙන අවසන් දිනය අද වනවා. දින 3 ක කාලයක් අධිවේගි මාර්ගය මහ ජනතාවට නැරඹීම සඳහා අවස්ථාව ලබාදුන්නා. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල පිවිසුමේ සිට කටුනායක පිවිසුම දක්වා ප්‍රදර්ශනාත්මක තිරික්කල ධාවන තරඟයක් ද ඊයේ සිදු කෙරුණා. කටුනායක කොළඹ අධිවේගී මාර්ගය මේ මස 27 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කිරීමට නියමිතයි.  චීන රජයේ ආධාර මත ඉදිකළ මෙම මාර්ගය සඳහා වැය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 350 ක්. අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 3 කින් සමන්විත මෙම මාර්ගය  මංතීරු 4 කින් සමන්විතයි. එහි දිග කිලෝමීටර් 25.8 ක්.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 23 බදාදා- පස්වරු 07:26

-------------------------------------------------------------------------------------------

අධිවේගයේ බස් ගාස්තු මෙන්න.

පෙර පුවත 2013 ඔක්තෝබර් 23 බදාදා- පස්වරු 07:26

කොළඹ - කටුනායක අධිවේගි මාර්ගයේ ධාවනය සඳහා අධි සුඛෝපභෝගී බස් රථ 13ක් යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව අධිවේගී මාර්ගය ගමනාගමන කටයුතු සඳහා ලබන 27 වැනිදා විවෘත කිරීමෙන් පසු මෙම බස් රථ ධාවනයට එක් කරන බවයි එම මණ්ඩලයේ උප සභාපති එල්.ඒ. විමලරත්න ප්‍රකාශ කළේ. එමෙන්ම ඊට අදාළ ගමන් ගාස්තුව ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 

පිටකොටුව - ජාඇල රු. 102.00

පිටකොටුව - කටුනායක රු. 147.00

පිටකොටුව - මීගමුව රු. 159.00