ඩ්‍රෝන ප්‍රහාර නවත්වන්න. පකිස්ථානය ඔබාමාගෙන් ඉල්ලයි.

Thursday, 24 October 2013 - 7:49

%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.



 
 නියමුවන් රහිත ඩ්‍රෝන් යානා යොදාගනිමින් ඇමරිකාව එල්ල කරන ප්‍රහාර වහාම නැවැත්විය යුතු බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් අවධාරණය කර තිබෙනවා. පාකිස්ථානු අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කර ඇත්තේ ධවල මන්දිරයේදී ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සමග පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවේදියි. දෙරටෙහි දේශපාලන සුහදත්වය පළුදුවීමට ඇමරිකාව එල්ල කරන  ඩ්‍රොන් ප්‍රහාර ප්‍රබල හේතුවක් වී ඇති බවයි පාකිස්ථානයේ මතය වී තිබෙන්නේ. පකිස්ථානු අගමැති නවාස් ෂරීෆ් බැරැක් ඔබාමාට පවසා ඇත්තේ රටක් ලෙස උපරිම පාලනයකින් යුතුව කටයුතු කිරීමට පාකිස්ථානය සූදානම් බවයි. මෙහිදී ද්වීපාර්ශවීය වශයෙන් සාකච්ඡා කළ කරුණු සුභවාදී ප්‍රවේශයක් සඳහා ඉවහල් කරගැනීමට ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාද සිය එකඟතාවය පළකර තිබෙනවා.