සුප්‍රසිද්ධ හා ප්‍රවීන ඉන්දීය සංගීතඥයෙකු වූ මන්නාඬේ අභාවප්‍රාප්ත වෙයි.

Thursday, 24 October 2013 - 8:58

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%A5%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%AC%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

සුප්‍රසිද්ධ හා ප්‍රවීන ඉන්දීය සංගීතඥයෙකු වූ මන්නාඬේ අද අලූයම බැංගලෝරයේ රෝහලකදී අභාවප්‍රාප්ත වුණා. ස්වසන ආබාධයක් හේතුවෙන් මියයන විට ඔහුගේ වයස අවුරුදු 94 ක්. හින්දි ගීත ගායනයෙන් දශක ගණනාවක් රසිකයන් අමන්දානන්දයට පත්කළ ඔහු ශ්‍රී ලාංකීය රසිකයන් අතරද ජනප්‍රියත්වයක් උසුලනවා. ඉන්දියාවේ තිරගතවූ අංගුලිමාල් චිත්‍රපටයේ බුද්ධං සරණ ගච්ඡාමි යන ගීතය හින්දි භාෂාවෙන් ගායනා කළේ මන්නාඬේ සහ මීනා කපූර් යන ගායක යුවල විසින්. එම චිත්‍රපටයම 1962 වසරේදී අංගුලිමාල ලෙසින් දෙබස් කවා මෙරටදී තිරගත කෙරුණා. එහි ගී තනුවට අනුව මෙම ගීතය ගායනා කළේ මොහිදීන් බෙග්  විසින්. මන්නාඬේ සිය සංගීත දිවිය තුළදී ගීත 3500 කට අධික සංඛ්‍යාවක් ගායනා කර ඇති අතර ඔහු සම්මාන රැසකින්ද පිදුම් ලබා තිබෙනවා. නැෂනල් සිංගර්, පද්මශ්‍රී, පද්ම භූෂණ සම්මාන ඒ අතරින් කිහිපයක්. මේ වනවිට ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා බැංගලෝරයේ රවීන්ද්‍ර කලාගාරයේ තැන්පත් කර තිබෙනවා.