UPDATE :ඖෂධ වංචාවට පිළිකා රෝහලේ 5 කගේ වැඩ තහනම්.

Thursday, 24 October 2013 - 10:36

UPDATE+%3A%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+5+%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

මහරගම - පිළිකා රෝහලේ ලියුකේමියා රෝගයෙන් පෙළෙන දරුවන්ට ලබාදෙන ඔන්කැස්පර් නමැති ඖෂධ වංචාව සම්බන්ධයෙන් ඖෂධවේදීන් 5 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ඖෂධ සමාගම අසාදු ලේඛණ ගත කිරීමට ද කටයුතු යොදා ඇති බවයි. මෙම ඖෂධය වෛද්‍යවරුන් විසින් නම් කරන ලද රෝගීන් සඳහා ලබාදෙන විශේෂ මිලදී ගැනීම් යටතේ ලබා ගන්නා ඖෂධයක් වන අතර, එක් ඖෂධ කුප්පියක වටිනාකම රුපියල් දෙලක්ෂ 37,000 ක්.

එක්තරා ඖෂධ සමාගමක් විසින් එම ඖෂධය පිළිකා රෝහලට සැපයීමෙන් පසු අදාළ සමාගම විසින්ම මහරගම පිළිකා රෝහලේ ඖෂධවේදීන් කිහිපදෙනෙකු යොදාගනිමින් එම ඖෂධ කුප්පි 4 ක් සොරාගෙන නැවත එය අලෙවි කිරීම සඳහා අදාළ සමාගමට ලබාදී ඇති බවට පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. මෙම ඖෂධය සම්බන්ධයෙන් රජයට අහිමි කරන ලද මුදල රුපියල් 9 ලක්ෂ හතළිස් අටදහසක් වන අතර එම මුදල වැඩ තහනමට ලක් කරන ලද ඖෂධවේදීන් පස්දෙනාගෙන් නැවත අය කරගැනීමටද නියෝග කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සදහා අදාල විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති අතර ඖෂධ කුප්පි විමර්ශනය සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා- පෙරවරු 01:15

---------------------------------------------------------------------------------

පිළිකා රෝහලේ ඖෂධ වංචාව ගැන 5 කගේ වැඩ තහනම්.

පෙර පුවත 2013 ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා- පෙරවරු 10:36