ඩේවිඞ් කැමරන් ශ්‍රී ලංකාව සමග දැඩි සාකච්ඡාවකට සූදානම්.

Thursday, 24 October 2013 - 12:51

%E0%B6%A9%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9E%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.



ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් පසුව ලක් රජය සමඟ දැඩි සාකච්ඡාවක නිරත වීමට බලාපොරොත්තු වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඞ් කැමරන් පවසනවා. හෙරල්ඞ් ස්කොට්ලන්ඞ් නමැති බ්‍රිතාන්‍යයේ පළවන පුවත්පතක පළ වූ වාර්තාවකට අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ විවිධ පාර්ශව සමුළුවට එක්නොවන ලෙස බලපෑම් කළ ද මේ අවස්ථාවේ සිදුකළ යුතුම නිවැරදිම කාර්යවන්නේ සමුළුවට සහභාගිවීම බවයි. ඔහු මෙම අදහස් පළ කළේ මියන්මාරයේ විපක්ෂ නායිකා අවුන්සාන් සුකී හමුවූ අවස්ථාවේදීයි. අවුන්සාන් සුකී මේ දිනවල බ්‍රිතාන්‍යයේ  සංචාරයක නිරත වනවා.

 
අවුන්සාන් සුකී සමඟ පැවති සාකච්ඡාවේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද ගැටලූ පවතින බවයි. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව උතුරේ සංචාරයක නිරතවීමට ද බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී මියන්මාරයේ විපක්ෂ නායිකා අවුන්සාන් සුකී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව රටේ තත්ත්වය පිළිබදව සෑම පාර්ශවයක් සමඟම සාකච්ඡා කරන ලෙසයි.