වීඩියෝ: කොළඹ - කටුනායක පාගමනකට ජනපති එක්වේ.

Thursday, 24 October 2013 - 13:15

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%9A.

කොළඹ  - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමට සමගාමීව පෑලියගොඩ ප්‍රදේශයෙන් අද (24) පෙරවරුවේ ආරම්භ කෙරුණු පාගමන සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්වුණා. මෙම පාගමන සංවිධාන කරනු ලැබුවේ වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින්. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය මේ මස 27 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කිරීමට නියමිතයි. චීන රජයේ ආධාර මත ඉදිකළ මෙම මාර්ගය සදහා වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක්.

කොළඹ  - කටුනායක අධිවේගී මාර්ගය නැරඹීම සඳහා ජනතාව වෙනුවෙන් විවෘත කර තැබෙන අවසන් දිනය අද වනවා. දින 3 ක කාලයක් අධිවේගී මාර්ගය ජනතාවට නැරඹීම සදහා අවස්ථාව ලබාදුන්නා. කොළඹ  - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇල පිවිසුමේ සිට කටුනායක පිවිසුම දක්වා ප්‍රදර්ශනාත්මක තිරික්කල ධාවන තරඟයක් ද ඊයේ පැවැත්වුණා. මේ අතර, මෙම මාර්ගයේ ධාවනය සදහා අධි සුඛෝපභෝගි බස් රථ 13 ක් යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.

[JPG]69911_1[/JPG]

[JPG]69911_2[/JPG]