වීඩියෝ:ඉන්දියාව සහභාගී නොවිය යුතුයි - තමිල්නාඩුවේ යෝජනාව සම්මතයි.

Thursday, 24 October 2013 - 19:18

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%93+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඉන්දියාව සම්පූර්ණයෙන් වර්ජනය කළ යුතු බවට යෝජනාවක් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී අද (24) සම්මත කර ගනු ලැබුවා. ප්‍රාන්ත මහඇමතිනි ජයලලිතා ජයරාම් විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවේ තවදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවට සම තැන් ලැබෙනතුරු එම සමුළුව මෙරටදී නොපැවැත්විය යුතු බවයි.

කොළඹදී ලබන නොවැම්බරයේ පැවැත්වෙන සමුළුවට සහභාගි නොවන ලෙසට දැනටමත් විවිධ පාර්ශවයන්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු මධ්‍යම ආණ්ඩුවට දැනටමත් විවිධ බලපෑම් එල්ල වනවා. එම බලපෑම් අතරතුරයි තමිල්නාඩු ප්‍රාන්ත මහඇමතිනිය මෙම යෝජනාව සම්මත කර ගෙන ඇත්තේ. ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරැකිය යුතු බවට යෝජනාවක් 2011 වසරේදී ද ජයලලිතා ජයරාම් විසින් සම්මත කර ගනු ලැබුවා. කෙසේ වෙතත්, ජයලලිතා ජයරාම් නායකත්වය දරන ඒ.ඞී.එම්.කේ පක්ෂය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එනු ලැබූ 3 වන යෝජනාව මෙය වනවා.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දියාවෙන් කිසිදු නියෝජිතයෙකු සහභාගි නොකළ යුතු බව ද තමිල්නාඩු මහඇමතිනි ප්‍රාන්ත සභාවට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්.

කෙසේ වෙතත්, ඉන්දියාවේ මෙම හැසිරීම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට කෙසේ බලපෑ හැකි ද යන්න පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය හිටපු රාජතාන්ත්‍රිකයෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලකගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට ද අවාසි සහගත බවයි.