කැබිතිගොල්ලෑවේ බස් බෝම්බයේ ඔත්තුකරු වසර 5 ක් සිරගෙට.

Thursday, 24 October 2013 - 19:07

%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%91%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B7%9A+%E0%B6%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%A7.

2006 වර්ෂයේදී කැබිතිගොල්ලෑව - යකාවැව ප්‍රදේශයේදී ලංගම බස් රථයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට අත්අඩංගුවට ගෙන සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට වසර 5 ක බරපතල වැඩසහිත සිරදඩුවමක් අද (24) නියම වුණා. ඒ අනුරාධපුර විශේෂ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති හමුවේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි. අනුරාධපුර ස්ථාපිත කළ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී නඩු හා ළමා අපචාර විභාගයට ගැනෙන මෙම විශේෂ මහාධිකරණයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ක්‍රියාකාරි සාමාජිකයෙකුට ලබා දුන් ප්‍රථම නඩු තීන්දුව ද මෙය වනවා. මෙහිදී විනිසුරුවරිය නියෝග කළේ සැකකාර එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ සිරදඩුවම් කාලය අවසන් වීමෙන් අනතුරුව ඔහු වසරක පුනරුත්ථාපන කාලයක් සඳහා පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුර වෙත යොමුකරන ලෙසයි.

මගීන් 138 දෙනෙකු රැගෙන යමින් සිටියදී මෙම බස් රථයට එල්ල වූ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු එහි ගමන් ගත් මගීන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 65 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. අද දඩුවම් නියම වූ මුතූර් - කිලිවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි මහාලිංගම් මුත්තුලිංගම් නොහොත් ඉන්ද්‍රන්ට එල්ල වී තිබූ චෝදනාව වූයේ බෝම්බ ප්‍රහාරය සඳහා ගසක් මත නැගී බස් රථය පැමිණෙන බවට ත්‍රස්තවාදීන්ට සංඥා ලබාදීමයි.   

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඉහළ පෙලේ නායකයින් වන කේ.පී. වැනි අයට විශේෂ සමාවක් රජයෙන් හිමිවී ඇති නිසා විත්තිකරුට ද ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. දඬුවම් නියම කරමින් විනිසුරු ඛේමා ස්වර්ණාධිපති කියා සිටියේ විත්තිකරුට දඬුවම් නියම කිරීමට හැකියාව ඇත්තේ නීතියේ පවතින ප්‍රතිපාදන මත පමණක් පිහිටා බවයි. ජාතිවාදී හැඟීම් හෝ ජාතීත්වය සලකා තීන්දු ලබාදීමට අධිකරණයට හැකියාවක් නොමැති බව ද ඇය සඳහන් කළා.