ඉන්දියාව හුදකලා වන බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කියයි.

Friday, 25 October 2013 - 7:41

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවුනහොත් හුදකලා වන්නේ ඉන්දියාව බව එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් පවසනවා. ඉන්දීය චන්ද්‍රිකා රූපවාහිනි සේවාවක් වෙත අදහස් දක්වමින් මහකොමසාරිස්වරයා සඳහන් කළේ අගමැතිවරයාගේ ශ්‍රී ලංකා චාරිකාවට එරෙහිව තමිල්නාඩු ප්‍රාන්ත සභාව සම්මත කළ යෝජනාව ද ඉන්දියාවට අහිතකර ලෙස බලපානු ඇති බවයි. අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සමුළුවට සහභාගි නොවුනහොත් වෙනත් කිසිවෙකු හුදකලාවේයැයි සිතිය නොහැකි බව මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මෙහිදී අවධාරණය කළා. දැනට සමුළුවට සහභාගි නොවන බව  පවසා ඇත්තේ කැනඩා අග්‍රාමාත්‍යවරයා පමණයි. එබැවින් ඊට සහභාගි නොවන නායකයන් සහ රටවල් හුදකලා වන බව කිව යුතු නැතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.