වීඩියෝ : පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව අනාගත ආයෝජනයක්. - ජනපති.

Friday, 25 October 2013 - 7:42

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් කරන සියලූ වියදම් රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සමුළුව වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කරන ලද බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (24) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ඉහළ ජීවන තත්ත්වයක් සහිතව ජීවත් වන අනාගත පරපුරට ගැලපෙන රටක් ගොඩනැගීම රජයේ වගකීම බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

 
සමුළුවට පැමිණෙන විදෙස් රාජ්‍ය නායකයින්ට සහ නියෝජිතයින්ට උපරිම පහසුකම් ලබාදීමට රටක් වශයෙන් ශ්‍රී ලංකාව අභිමානයෙන් යුතුව කටයුතු කරනවා. නොයෙකුත් විවේචන හමුවේ රජය රට තුළ ගෙන යන සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රතිලාභ හිමිවන්නේ අනාගත පරපුරට බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේ. එමෙන්ම, රජය සිදුකරන සංවර්ධන වැඩසටහන් සමඟ මෙරට සියළු ක්ෂේත්‍ර තුළ දැවැන්ත විප්ලවයක්ද සිදුවී ඇති බවත් සපිරි රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

[JPG]69967_1[/JPG]

[JPG]69967_2[/JPG]

[JPG]69967_3[/JPG]

[JPG]69967_4[/JPG]

[JPG]69967_5[/JPG]

[JPG]69967_6[/JPG]

[JPG]69967_7[/JPG]

[JPG]69967_8[/JPG]

[JPG]69967_9[/JPG]

[JPG]69967_10[/JPG]

[JPG]69967_11[/JPG]

[JPG]69967_12[/JPG]

[JPG]69967_13[/JPG]

[JPG]69967_14[/JPG]