වීඩියෝ: හමුදා උපදේශකවරයෙක් නූලෙන් බේරෙයි.

Friday, 25 October 2013 - 18:54

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%96%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

මාදුරුඔය යුධ හමුදා ක්ෂේත්‍ර වෙඩි භූමියේදී පුහුණුවක් අතරතුර මෝටාර් උණ්ඩයක් ශරීරයේ වැදීමෙන් බරපතල තුවාල ලැබූ යුධ හමුදා පුහුණු උපදේශකවරයා අද (25) පස්වරුවේ පොළොන්නරුව රෝහලේ දී සැත්කමකට භාජනය කරනු ලැබුවා. එම සැත්කමින් ශරීරය පසාරු කරගෙන ගොස් තිබූ මෝටාර් උණ්ඩය ඉවත් කෙරුණු බවයි පොළොන්නරුව රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
 
බලඇණි පුහුණු පාඨමාලාවක් සඳහා මුලතිව් - මුතියන්කට්ටු සංක්‍රමණික පුහුණු පාසලෙන් පැමිණි භට පිරිසකට පුහුණු කටයුතු සිදුකරමින් සිටියදී මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ දුන්නේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ උපදේශකවරයෙකුයි. මෝටාර් අවියක තිබූ  මිලිමීටර් 60 වර්ගයේ උණ්ඩයක් අත්වැරදීමකින් මෙම උපදේශකයාගේ උරපත්ත පසාරු කරගෙන ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මෙම මෝටාර් උණ්ඩය පුපුරා ගොස් නැහැ. ඔහු පොළොන්නරුව ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවේ ද මෙම මෝටාර් උණ්ඩය සමගයි. එහිදී ඔහුට පැය දෙකකට ආසන්න සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුව මෙම උණ්ඩය ඉවත් කළ බවයි එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ලූතිනන් එන්.එම්.ඞී.සී.අයි. උදයකුමාර නැමැති මෙම යුධ හමුදා පුහුණු උපදේශකවරයා මේ වන විට පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.