වීඩියෝ : පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා කුඩා දරුවෙකුගේ ජීවිතය බේරා ගනී.

Saturday, 26 October 2013 - 7:44

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

උපතින්ම පෙනහලූ රෝගයකට ගොදුරු වූ කුඩා දරුවෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් මූල්‍ය දායකත්වය ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ඉදිරිපත් වුණා. කොළොන්නාව - කෝන්පොලවෙල ප්‍රදේශයේ පදිංචි දිලූම් රංජනට සහ දිනූෂා ප්‍රියංගිට දාව උපන් දෙවන කුඩා දරුවා උපත ලබන්නේ පසුගිය 9 වන දා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදියි. එහෙත් උපතින්ම පෙනහළු වර්ධනය නොවීමේ රෝගයකින් පෙළෙන බව රෝහලේ වෛද්‍යවරුන් දෙමාපියන් වෙත දැනුවත් කර තිබෙනවා. මේ හේතුව නිසාම දරුවා සති දෙකක පමණ කාලයක් ප්‍රතිකාර ලැබුවේ එම රෝහලේ නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකයේයි. නමුත් මෙවැනි රෝගයකට අඛණ්ඩව ප්‍රතිකාර කිරීමට තරම් දරුවාගේ දෙමාපියන්ට ආර්ථිකය සවිමත් වූයේ නැහැ. ඒ පිළිබදව දැනගත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා දරුවාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් කෙරෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා මූල්‍ය දායකත්වය ලබාදීමට ඉදිරිපත් වුණා.

 

 
උපතින්ම පෙනහළු වර්ධනය නොවීමේ ආබාධයකින් පෙළුණු දරුවා මේ වන විට සිය මව් තුරුලේ උණුසුම ලබමින් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවනවා.