ශ්‍රී ලංකාවට එරෙහි වූ 200ක් අත්අඩංගුවට.

Saturday, 26 October 2013 - 12:27

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%96+200%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

ශ්‍රී ලංකාවට එරෙහිව චෙන්නායි, බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක යෙදුණු පුද්ගලයින් 200 දෙනෙකු ඉන්දීය පොලීසිය ඊයේ (25) අත්අඩංගුවට ගත්තා. ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බව පවසමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ යෙදී ඇත්තේ. ඉන්දියාව, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කළ යුතු බවට මෙම විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන ලෙස බලකරමින් ඉන්දීය මධ්‍යම රජයට තමිල්නාඩුවෙන් සහ එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගෙන් එල්ල වන්නේ දැඩි බලපෑමක්.

 

කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවුනහොත් හුදකලා වන්නේ ඉන්දියාව බව එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් ප්‍රකාශ කළා. දැනට සමුළුවට සහභාගි නොවන බව  පවසා ඇත්තේ කැනඩා අග්‍රාමාත්‍යවරයා පමණයි. එබැවින් ඊට සහභාගි නොවන නායකයන් සහ රටවල් හුදකලා වන බව කිව යුතු නැතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

 

මේ අතර, ඉන්දීය නාවික අමාත්‍ය ජී.කේ වාසන් චෙන්නායි හිදී ඊයේ (25) කියා සිටියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් සිය ප්‍රකාශය තුළින්  ඔහුගේ සීමාවන් ඉක්මවා ගොස් ඇති බවයි. පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගිවීම හෝ නොවීම ඉන්දීය රජය අද මුහුණ දෙන තීරණාත්ක ගැටළුවක්. එහිදී විවිධ අදහස් ලබා ගනිමින් ඉන්දීය රජය අධ්‍යයනයක් සිදුකරනවා. එවැනි අවස්ථාවක මහකොමසාරිස්වරයා ඉක්මන් සහ නීරස ප්‍රකාශයක් සිදුකර ඇති බවයි ඉන්දීය නාවික අමාත්‍ය ජී.කේ. වාසන් කියා සිටියේ.

 
සිය ප්‍රකාශය සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස සලකා මහකොමසාරිස්වරයා ප්‍රාන්ත සභාවට කැදවිය යුතු යැයි ද්‍රවිඩ කලහම් පක්ෂයේ සභාපති කේ. වීරමනී ප්‍රකාශ කළා. සමුළුව සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි ස්ථාවරයකට එළඹිය යුතු බව ද ඔහු කියා සිටියා.