වීඩියෝ: TNA පොදුරද මඩුලූ සමුළුව වර්ජනය කරයි.

Saturday, 26 October 2013 - 12:28

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+TNA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

මෙරට පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී නොවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා. යාපනයේ ඊයේ (25) පැවැති  රැස්වීමකදී අදාළ තීරණයට එළඹුණු බවයි දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

 

‘‘පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගීත්වයක් නොදක්වන්න ඊයේ රැස්වුණු අපේ දෙමළ සන්ධානය තීරණය කළා. ඉන්දියාව පවා තවමත් මෙම සමුළුවට සහභාගිවීම සම්බන්ධයෙන් ස්ථීර ප්‍රකාශයක් කරලා නැහැ. කොහොම වුණත් අපි මේ සමුළුවට සහභාගි නොවීම තුළින් පෙන්වන්නේ එයට සහභාගි වන රාජ්‍ය නායකයන්ට ඇති විරෝධය නොවෙයි, සමුළුවෙන් බාහිරව අපිට එම රාජ්‍ය නායකයින් හමුවෙන්න අවස්ථාව ලැබුණහොත් එය අපි ලබා ගන්නවා. ඒ වගේම අපි තීරණය කළා මෙරට මානව හිමිකම් තත්ත්වය, දෙමළ ජනතාවට ලබාදිය යුතු දේශපාලන විසඳුම පිළිබදව සහ උතුරේ ජනතාවට ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් වාර්තාවක් මෙම රාජ්‍ය නායකයින්ට ලබාදෙන්න. එම වාර්තාව මේ වන විටත් සකස් කරමිනුයි තිබෙන්නේ.’’

 
සේනාධිරාජා මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කිව්වේ එහෙමයි.