වීඩියෝ: හලාවතදී බසයක් ගිනිගනී.

Sunday, 27 October 2013 - 7:31

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.


කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ අධිසුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් හලාවත මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී හදිසියේ ඇතිවු ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි. ඊයේ (26) රාත්‍රි 11.30 ට පමණ ආරම්භ වූ ගින්න පැය එකහමාරකට අධික කාලයක් පැවතුණා. එම අවස්ථාවේ බස් රථයේ මගීන් 27 දෙනෙකු රැඳී සිටියත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නැහැ. හදිස්සි ගිනි නිවීමේ උපකරණ මෙම බස් රථයේ නොතිබුණු බවයි එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ හේතුවෙන් හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා මතුවුණා.

[JPG]70110_1[/JPG]

[JPG]70110_2[/JPG]

[JPG]70110_3[/JPG]

[JPG]70110_4[/JPG]

[JPG]70110_5[/JPG]

 

ඡායාරූ - ජූඩ් සමන්ත