උතුරේ මහඇමතිට පොලිසියෙන් පිළිතුරක්.

Sunday, 27 October 2013 - 7:35

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.

ජනවර්ගයක් පදනම් කරගත් පොලිසියක් පිහිටුවීමේ ක්‍රමවේදයක් ලොව කිසිදු රටක  නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පෙරේදා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන්. උතුර පළාත් සභාවේ පෙරේදා පැවති මංගල සභා වාරයේදී ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ දෙමළ භාෂාව නොදන්නා පොලිසියක් උතුර පළාතට බාධාවක් බවයි.

 
කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ උතුර පළාතේ පොලිස් ස්ථානයන්ට පැමිණෙන  ඕනෑම කෙනෙකුට තමන්ගේ මව් භාෂාවෙන් ගණුදෙනු කිරීමේ හැකියාව පවතින බවයි. ඊට අදාළ පියවර මේ වනවිටත් ක්‍රියාත්මක බව ඔහු අවධාරණය කළා.