රතුපස්වල ජල ගැටළුවට නව සංවිධානයක්.

Sunday, 27 October 2013 - 18:52

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

වැලිවේරිය - රතුපස්වල ප්‍රදේශයේ ජල ගැටළුව සම්බන්ධයෙන් නව සංවිධානයක් බිහි වී තිබෙනවා. ඒ, කර්මාන්ත නගා සිටුවීමේ සහ ප්‍රවර්ධනය කිරීම නැමැති සංවිධානය ලෙසයි. එහි අනුශාසකත්වය දරන්නේ බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිලීප් රාජපක්ෂ බවයි එම සංවිධානයේ නියෝජිත ගිහාන් සංජීව කියා සිටියේ.

රතුපස්වල ඇතුළු අවට ප්‍රදේශවල ජනතාව අදාළ ජල ප්‍රශ්නයට හේතුව කර්මාන්ත ශාලාව බවට චෝදනා එල්ල වුවත් අලූතින් බිහි වී ඇති සංවිධානය පෙන්වා දෙන්නේ අදාළ ජල ගැටළුවට හේතුව කර්මාන්ත ශාලාව නොවන බවයි.

කෙසේ වෙතත්, රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් ස්ථාන දෙකක දී අද (27) පස්වරුවේ මාධ්‍ය හමු දෙකක් කැදවා තිබුණා. ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ අද (27) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ තවදුරටත් ප්‍රමාද නොවී මෙම ගැටළුව විසදීමට කටයුතු කරන ලෙසයි. යළි කර්මාන්ත ශාලාව ඉදිරිපිටට තමන්ට පැමිණීමට ඉඩ නොතබන ලෙස ද උන්වහන්සේ එහිදී බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා.


මේ අතර, සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානය අද (27) කැදවා තිබූ මාධ්‍ය හමුවේදී එහි කැදවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි කියා සිටියේ තෙරිපැහැ හිමියන් ඇතුළු කණ්ඩායමක් යළි කුමන්ත්‍රණයක නිරත වන බවයි.