රනිල්, කරූ, සජිත් මේ සතියේ රැස්වෙයි. - තීරණය 4 වැනිදා.

Monday, 28 October 2013 - 12:36

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B6%BB%E0%B7%96%2C+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+4+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F.

රනිල්, කරූ, සජිත් මේ සතියේ රැස්වෙයි. - තීරණය 4 වැනිදා. 
එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය විසඳීම සදහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස සහ කරූ ජයසූරිය අතර තවත් සාකච්ඡාවක් මේ සතියේදී පැවැත්වෙන බව පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක පවසනවා. කොළඹ අද (28) පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම හමුවේදී ගනු ලබන එකඟතාවයන් පිළිබඳව ලබන මස 4 වැනිදා රැස්වන කෘත්‍යාධිකාරියේදී අවසන් තීරණයකට පැමිණෙන බවයි. 
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව සදහා ආණ්ඩුව දරණ වියදම පිළිබදව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවට ද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා එහිදී චෝදනා කළා. 
ඔහු වැඩිදුරටත් කියා සිටියේ කැසිනෝ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය වහාම ඉවත් කර ගන්නා ලෙස රජයට බල කරමින් ලබන මස 7 වැනිදා කොළඹදී විරෝධතාවයක් ද පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවයි. 