වීඩියෝ: මාතර ගැටුමේ දී වෙඩි තැබූ හර්මන් ගුණරත්න යළි රිමාන්ඞ්.

Monday, 28 October 2013 - 18:52

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.


එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර පසුගිය 5 වැනිදා මාතරදී ඇති වූ ගැටුම අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෛත්‍රී ගුණරත්නගේ පියා වන හර්මන් ගුණරත්න අද (28) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී මාතර මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර සැකකාර හර්මන් ගුණරත්න නොවැම්බර් මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා. සිද්ධියට අදාළ නඩුව නොවැම්බර් 4 වැනිදා යලි කැඳවීමට නියමිතයි.

මේ අතර, මාතරදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මංගල සමරවීර පාර්ශවයේ පුද්ගලයින් 3 දෙනෙකු ඊයේ (27) මාතර පොලිසිය වෙත භාරවී තිබුණා. ඔවුන් මාතර අතිරේක මහේස්ත්‍රාත් වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මොවුන් අද (28) ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද යොමුකෙරුණා.
 
එම හඳුනාගැනීමේ පෙරට්ටුවේදී මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයා විසින් ජාතික යොවුන් පෙරමුණේ උප සභාපති ප්‍රසාද් හෙට්ටිආරච්චි හඳුනාගනු ලැබුවා. පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත සැකකාර පුද්ගලයින් තිදෙනා මුදා හැරියා. අද (28) දිනයේ ද සිද්ධියට සම්බන්ධ මංගල පාර්ශවයේ සහ මෛත්‍රී ගුණරත්න පාර්ශවයේ සාමාජිකයින් දෙදෙනෙකු අධිකරණයට භාර වුණා. ඔවුන් ද රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. සිද්ධියට අදාළ නඩුව නොවැම්බර් 25 වැනිදා යළි කැඳවීමට නියමිතයි.