ඔබාමා චීනය අල්ලන්න ජපානයේ සහාය පතයි.

Monday, 28 October 2013 - 20:06

%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.


චීනයේ දත්ත සහ දුරකථන සංවාදවලට සවන්දීම සඳහා ඇමරිකානු ජාතික ඔත්තු සේවා ඒජන්සිය ජපානයේ සහාය පැතූ බව හෙළි වී තිබෙනවා. ජපාන කියෝඩෝ පුවත් සේවය අද (28) හෙළිදරව් කළේ ජපානය හරහා ආසියා - පැසිෆික් කලාපයට දිවෙන ෆයිබර් - ඔප්ටික් රැහැන් මාර්ග අධීක්ෂණය කිරීමට ඇමරිකාව 2011 වසරේ අවසර ඉල්ලා ඇති බවයි. කෙසේ නමුත්, නීතිමය බාධාවන් සහ තාක්ෂණ ශිල්පීන්ගේ හිඟය හේතුවෙන් ජපානය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ද කියෝඩෝ පුවත් සේවය සඳහන් කළා.
 

මේ අතර, ඇමරිකානු ජාතික ඔත්තු සේවා ඒජන්සිය මගින් පසුගිය දෙසැම්බරයේ සිට මේ වසරේ ජනවාරි දක්වා ස්පාඤ්ඤයේ දුරකථන ඇමතුම් සහ ඊමේල් පණිවුඩ මිලියන 60කට සවන් දී ඇති බව එරට පුවත්පතක් අද හෙළිදරව් කළා. මෙම නව චෝදනා එල්ල වන්නේ ඇමරිකාව විසින් ජර්මන් චාන්ස්ලර් ඇන්ජලා මර්කල්ගේ ජංගම දුරකථනයට වසර 10ක් තිස්සේ සවන් දුන් බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුවයි. ඇමරිකාව මෙලෙස ලෝක නායකයන් 35 දෙනෙකුගේ දුරකථනවලට සවන් දී ඇති බව බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත හෙළිදරව් කළා.