වීඩියෝ : ශාන්ත ජූඞ් සුළි සුළඟින් යුරෝපය කැළඹේ.

Tuesday, 29 October 2013 - 7:36

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A2%E0%B7%96%E0%B6%9E%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%9A.

ශාන්ත ජූඞ් සුළි සුළඟ මගින් යුරෝපයේ රටවල් රැසකට හානි සිදුව තිබෙනවා. දකුණුදිග එංගලන්තයට සහ වේල්සයට එමගින් විශාල බලපෑමක් සිදුවූ අතර, කෙන්ට් ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියක් නිවසේ නිදා සිටියදී ජීවිතක්ෂයට පත්වූයේ නිවස මතට ගසක් කඩා වැටීමෙන්. ගස් කඩා වැටී බටහිර ලන්ඩනයේ සිදුවූ ගෑස් පිපිරීමකින් ද පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. සුළි සුළඟින් යුරෝපය පුරා ජීවිත හානි 13ක් වාර්තා වූ අතර ඉන් 6 දෙනෙක් ජර්මානු ජාතිකයන්. සුළි සුළඟින් කඩා වැටුණු ගසක සිය රථය ගැටී ඉන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය අතර, එහිදී ළමයින් දෙදෙනෙකු ද තුවාල ලැබුවා. බටහිර ප්‍රංශයේ කාන්තාවක් මුහුදේ ගසාගෙන ගිය අතර නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර කාන්තාවක ද ගසක් කඩා වැටී මිය ගියා. උතුරු මුහුදු ප්‍රදේශයට ශාන්ත ජූඞ් සුළග හැමූයේ පැයට කිලෝමීටර් 191ක පමණ වේගයකින්. ජර්මනිය, නෙදර්ලන්තය ඇතුළු යුරෝපීය රටවල් රැසක ගුවන් ගමන් සහ දුම්රිය ගමන් මේ නිසා නතර කිරීමට සිදුවුණා. බ්‍රිතාන්‍යයේ නිවාස හය ලක්ෂයක් විදුලිය ඇණ හිටීම හේතුවෙන් තවදුරටත් අදුරේ පවතින බව සඳහන්.