UPDATE : සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට සංදේශයක්.

Tuesday, 29 October 2013 - 7:42

UPDATE+%3A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

මීරිගම ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති බ්‍රිතාන්‍යයේ ලැන්කෂයර් විශ්වවිද්‍යාලයේ ශාඛාවට විරෝධය පළ කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය අද (29) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත සංදේශයක් භාර දෙනු ලැබුවා.

 

කෙසේ නමුත්, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන කිරුළ හිමි චාල්ස් කුමරු, මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට මුල් ගල් තැබීමට නියමිත බවට පළ වන මාධ්‍ය වාර්තා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඊයේ (28) ප්‍රතික්ෂේප කළා. මහකොමසාරිස් කාර්යාලය මගින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ එවැන්නක් චාල්ස් කුමරුගේ ශ්‍රී ලංකා වැඩසටහනට ඇතුළත් නොවන බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබදව අවධානය යොමු කිරීමෙන් පසුව එම ප්‍රතිචාරය දැක්වූ බවයි මහකොමසාරිස් කාර්යාලය සදහන් කළේ.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 29 අඟහරුවාදා- පස්වරු 1:21

------------------------------------------

චාල්ස් කුමරු පෞද්ගලික සරසවියකට මුල් ගල තබන්නේ නැහැ. - බ්‍රිතාන්‍යය.


පෙර පුවත 2013 ඔක්තෝබර් 29 අඟහරුවාදා- පෙරවරු 07:42

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව විවෘත කිරීම සඳහා, බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණ නියෝජනය කරමින්, ශ්‍රී ලංකාවට පැමිණෙන කිරුළ හිමි චාල්ස් කුමරු, මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට මුල් ගල් තැබීමට නියමිත බවට පළ වන මාධ්‍ය වාර්තා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කළා. මහකොමසාරිස් කාර්යාලය මගින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ එවැන්නක් චාල්ස් කුමරුගේ ශ්‍රී ලංකා වැඩසටහනට ඇතුළත් නොවන බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබදව අවධානය යොමු කිරීමෙන් පසුව එම ප්‍රතිචාරය දැක්වූ බවයි මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

 
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට පැමිණෙන චාල්ස් කුමරු අතින් ගම්පහ - මීරිගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සඳහා මුල් ගල් තැබීමට නියමිත බව ප්‍රකාශ කළේ සමාජවාදී ශිෂ්‍ය සංගමයයි. එමගින් අධ්‍යාපන වෙළද කලාප ඇති වන බව පවසමින් ඔවුන් අද (29) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත සංදේශයක් භාරදීමට ද සූදානම් වුණා. චාල්ස් කුමරු එවැන්නකට සහභාගි නොවන බව තමන්ට දැන ගන්නට ලැබුණ ද අද (29) නියමිත පරිදි අදාළ සංදේශය භාර දෙන බවයි සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ.