වීඩියෝ: ශ්‍රී ලාංකික තරුණයා එංගලන්තයේ පිහි පහරකට ලක්ව මිය යයි.

Tuesday, 29 October 2013 - 9:18

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

එංගලන්තයේ දකුණු යෝක්ෂයර් ප්‍රදේශයේ ෂෙෆීල්ඞ් හි පීසා අවන්හලක සේවය කළ 25 හැවිරිදි සිංහල බෞද්ධ තරුණයෙකු පසුගිය ඉරිදා පිහි පහරට ලක්ව මිය ගොස් තිබෙනවා. තවීෂ පීරිස් නැමැති 25 හැවිරිදි මොහු මීට වසර දෙක හමාරකට පෙර එංගලන්තයට ගොස් ඇත්තේ ෂෙෆීල්ඞ් හාලම් විශ්වවිද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු උපාධියක් හැදෑරීමටයි. පාඨමාලාව නිමවා ඔහු සුදුසු රැකියාවක් ලැබෙන තුරු මෙම පීසා අවන්හලේ සේවය කර ඇති අතර පීසා බෙදා හරින අතරතුරයි ඉරිදා රාත්‍රී 10.30ට පමණ මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ. ඔහුගේ මිතුරන් පොලීසියට පවසා ඇත්තේ තවීෂට එංගලන්තයේ එදිරිවාදීන් නොසිටි බවයි.