UPDATE : කොටින්ට අවි සැපයූ වෝටලූ සුරේෂ්ට සිර දඬුවම්.

Tuesday, 29 October 2013 - 10:54

UPDATE+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%96+%E0%B7%80%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A.

කොටි සංවිධානයට අති නවීන යුධ තාක්ෂණය ලබා ගැනීම සඳහා කටයුතු කළ කැනේඩියානු පුරවැසිභාවය සහිත ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට නිව්යෝක් අධිකරණය මගින් ඊයේ (28) වසර දෙකක සිර දඬුවමක් නියම කළා. සුරේෂ් ශ්‍රී ස්කන්ධරාජා නොහොත් වෝටලූ සුරේෂ් නැමැති 33 හැවිරිදි මොහු ඇමරිකාවේ අධිකරණ විභාගය සඳහා කැනඩාවෙන් පිටුවහල් කළ අයෙක්. කොටි සංවිධානයට නවීන ආයුධ ලබා ගැනීම සඳහා කටයුතු කළ බවට මොහු පසුගිය ජුලි මාසයේ දී වරද පිළිගත්තා. ඒ අනුවයි සුරේෂ්ට ඊයේ මෙලෙස සිර දඬුවම් නියම කෙරුණේ. මොහුට වසර 15ක සිර දඬුවමක් නියම කරන ලෙස ඇමරිකානු නීතිපති නිලධාරීන් ඉල්ලා සිටිය ද නියම කර ඇත්තේ වසර දෙකක සිර දඬුවමක්. දැනටමත් මාස 10ක් තිස්සේ සිරගත වී සිටින මොහු 2014 වසරේ දෙසැම්බරයේ දී නිදහස ලබනු ඇති. ඉන් අනතුරුව ඔහු නැවතත් කැනඩාවට පිටුවහල් කරනු ඇතැයි අපේක්ෂිතයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවි ආයුධ සැපයීමේ ජාලය පිළිබද 2006 වසරේ කැනඩාවේ සිදුකළ පරීක්ෂණ මෙහෙයුමකදී වෝටලූ සුරේෂ් මුලින්ම අත්අඩංගුවට පත්වුණා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 29 අඟහරුවාදා- පස්වරු 12:44

----------------------------------------------------

කොටින්ට ආයුධ සැපයූ වෝටලූ සුරේෂ්ට වසර දෙකක සිර දඬුවමක්.

පෙර පුවත 2013 ඔක්තෝබර් 29 අඟහරුවාදා- පෙරවරු 10:44

කොටි සංවිධානයට අති නවීන යුධ තාක්ෂණය ලබා ගැනීම සඳහා කටයුතු කළ කැනේඩියානු පුරවැසිභාවය සහිත ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට නිව්යෝක් අධිකරණය මගින් ඊයේ (28) වසර දෙකක සිර දඬුවමක් නියම කළා. සුරේෂ් ශ්‍රී ස්කන්ධරාජා නොහොත් වෝටලූ සුරේෂ් නැමැති 33 හැවිරිදි මොහු ඇමරිකාවේ අධිකරණ විභාගය සඳහා කැනඩාවෙන් පිටුවහල් කළ අයෙක්. කොටි සංවිධානයට නවීන ආයුධ ලබා ගැනීම සඳහා කටයුතු කළ බවට මොහු පසුගිය ජුලි මාසයේ දී වරද පිළිගත්තා. ඒ අනුවයි සුරේෂ්ට ඊයේ මෙලෙස සිර දඬුවම් නියම කෙරුණේ.