UPDATE : වීඩියෝ: මහියංගනය ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් යයි.

Tuesday, 29 October 2013 - 14:48

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



මහියංගන ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය දින නියමයක් නොමැතිව අද කල් දමනු ලැබුවා. ඒ, අදට (29) යෙදී තිබූ මාසික සභාවාරය අතරතුර ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී වටරැක විජිත හිමියන්ට විරෝධය පළ කරමින් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන්. සිංහල ජාතිය සහ බෞද්ධාගම හෑල්ලූවට ලක් කරමින් උන්වහන්සේ දේශනයක් සිදුකර ඇති බව පවසමින් ප්‍රාදේශවාසීන් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර රාමසාන් දිනයේදී බදුල්ලේ මුස්ලිම් පල්ලියකදී උන්වහන්සේ සිදුකළ ප්‍රකාශයක් ඊට පදනම වුණා. මීට පෙරද මහියංගනය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමක් යෙදුණු දා ප්‍රදේශවාසීන් උන්වහන්සේට එරෙහිව විරෝධතාවයක නිරත වුණා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 29 අඟහරුවාදා- පස්වරු 07:00

-------------------------------------------------------------------

මහියංගන ප්‍රා.ස. සභාවාරය දින නියමයක් නොමැතිව කල් යයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 29 අඟහරුවාදා- පස්වරු 02:48

 

මහියංගන ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. අදට යෙදී තිබූ මාසික සභාවාරය පැවැත්වීමට නොහැකි වූයේ ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී වටරැක විජිත හිමියන්ට විරෝධය පළ කරමින් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන්. සිංහල ජාතිය සහ බෞද්ධාගම හෑල්ලූවට ලක් කරමින් උන්වහන්සේ දේශනයක් සිදුකර ඇති බව පවසමින් ප්‍රාදේශවාසීන් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබෙනවා. මහියංගනය ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්.කේ.සුනිල් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැස්වී අද (29) සභාවාරය නොපැවැත්වීමට තීරණය කළ බවයි.