නොරොච්චෝලේ හදිස්සියේ යළි නවතී.

Tuesday, 29 October 2013 - 19:05

%E0%B6%B1%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9D%E0%B6%BD%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93.



මාස 02 ක පමණ කාලයක් නඩත්තු කටයුතු සඳහා වසා දමා තිබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මේ මස මුල් සතියේ යළි විවෘත කරනු ලැබුවා. නමුත් එය අද දිනයේදී නැවතත් අක්‍රිය වුණු බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. අද (29) පස්වරු 4 ට පමණ බලාගාරයට ජලය ලබාදෙන නළ පද්ධතියේ හටගත් කාර්මික දෝෂයක් ඊට හේතු වී ඇති බව බලාගාරයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. කෙසේ වෙතත්, ඊයේ දිනයේදී නොරොච්චෝලේ විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකටද විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි එක්වුණා. ඒ, එම බලාගාරයේ දෙවන අදියරේ වැඩකටයුතු සම්බන්ධයෙන් නිලධාරීන්ට උපදෙස් ලබාදීමටයි. දැනට මෙම විදුලි බලාගාරයෙන් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙනවා.

කෙසේ වෙතත්, අද දිනයේදී නැවතත් විදුලි බලාගාරය අක්‍රියවීමට එහි සිටින විදුලි ඉංජිනේරුවරුන්ගේ නොසැලකිලිමත්කම හේතු වී ඇති බවයි ලංකා විදුලි සේවක සංගමය පෙන්වා දෙන්නේ.

 

මේ අතර, නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එය අක්‍රිය වී පැය බාගයක කාලයක් ඇතුළත යළි යථා තත්ත්වයට පත් වූ බවයි. මේ වනවිට බලාගාරයේ වැඩකටයුතු බාධාවකින් තොරව සිදුවන බව ඔහු කියා සිටියා.