වීඩියෝ : සෙබලාට පහරදීම ගැන ගුවන් හමුදාවෙන් පරීක්ෂණ.

Wednesday, 30 October 2013 - 7:51

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.


ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙකු විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ සෙබලෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ විජේසූරිය පවසනවා. මේ වනවිට පහරදීමට ලක්වු සමීර චාමින්ද නැමැති මෙම ගුවන් හමුදා සෙබලා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. පහරදීමෙන් තුවාල ලැබූ සෙබලා එම කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි ඔහුගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. කටුනායක ගුවන් හමුදා කඳවුරේ රෙජිමේන්තු විශේෂ බලඇණියේ සේවය කළ සමීර චාමින්ද මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ පසුගිය 24 වැනිදා එහි පැවති උත්සවයකදීයි. පහරකෑමට ලක්වු සමීර චාමින්ද තවත් සෙබළුන් දෙදෙනෙකු සමඟ ගමන් කරන අවස්ථාවේදී ගුවන් හමුදා පොලිසියේ උසස් නිලයක් දරන අයෙකුගේ ඇගේ හැපී ඇති අතර, එහිදී මෙම පහරදීම සිදුවී ඇති බව සමීරගේ මව ප්‍රකාශ කළා.

 

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ විජේසූරියගෙන් විමසීමක් කළා. මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවයි.