සෞඛ්‍ය සේවිකාවගේ මරණය ගැන ඇමති නියෝගයෙන් පරීක්ෂණ.

Wednesday, 30 October 2013 - 12:44

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.

කොළඹ ජාතික රෝහලේ සේවය කළ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක් ඩෙංගු රෝගය වැළඳී ප්‍රතිකාර ප්‍රමාද වී ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව විමර්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබා දී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ 30 වැනි වාට්ටුවේ සුළු සේවිකාවක් ලෙස සේවය කළ දීපිකා ප්‍රියදර්ශනී කරලියද්ද මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය 28 වැනිදායී. ඇය ඩෙංගු රෝගය වැළඳී ප්‍රතිකාර සඳහා ඇතුළත් වූයේ ජාතික රෝහලේ 56 වන වාට්ටුවටයි. ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඇය ජීවිතක්ෂයට පත්වුණා. කෙසේ වෙතත්, වෘත්තීය සමිති චෝදනා කරන්නේ වාට්ටුවේ හෙද කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්කම හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. සමස්ත ලංකා සුවසේවා සංගමයද සඳහන් කළේ රෝහල් සේවිකාවට ප්‍රමාණවත් පරිදි ප්‍රතිකාර ලැබී නොමැති බවයි.

 

සුළු සේවිකාවගේ මිතුරියන් කිහිප දෙනෙකුද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ප්‍රමාණවත් තරම් ප්‍රතිකාරයක් ඇයට ලබාදුන්නේද යන්න පිළිබඳව ගැටළුවක් පවතින බවයි. ඇයගේ මියයාමට විරෝධය පළකරමින් ජාතික රෝහලේ සුළු සේවිකාවන් පසුගිය දිනෙක ඇය සේවය කළ 30 වන වාට්ටුවේ විරෝධතාවයකද නිරත වුණා.

 

ජාතික රෝහලේ සේවය කළ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවගේ මියයාම සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් වී තිබෙනවා. විශේෂයෙන් ප්‍රතිකාර ප්‍රමාදවීම නිසා ඇය මරණයට පත්වී ඇති බවටයි විවිධ අංශවලින් චෝදනා එල්ල වී ඇත්තේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වහාම විමර්ෂණයක් අරඹා එම චෝදනාවල සත්‍ය අසත්‍යතාවය කුමක්දැයි සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ෂණ අංශයට අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.