CHOGM ගැන ඉන්දීය කොංග්‍රසයේ සාකච්ඡා තීරණයකින් තොරව අවසන්.

Thursday, 31 October 2013 - 12:58

CHOGM+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.



ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය නායකයන්ගේ සහභාගීත්වය පිළිබඳව ඊයේ පැවති සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වුණා. ඉන්දීය කොංග්‍රසයේ නායකයන් අතර මෙම සාකච්ඡා පැවැත්වුණු බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. මෙම සාකච්ඡා සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් සහ එරට ජාතික ආරක්ෂක උපදේශක ෂිව්ශංකර් මෙනන් සහභාගිවී තිබෙනවා. මෙම සාකච්ඡා පැය එකහමාරකට අධික කාලයක් පැවති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. එහිදී තමිල්නාඩුවෙන් එල්ලවන විරෝධය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් සම්මත කරගත් යෝජනාව පිළිබඳව ද අවධානයට ලක්ව ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.